Pages

Sunday, May 26, 2019

පංච කල්‍යාණය රැකගනිමු 1 - කේෂ කල්‍යාණය



අපි අද කතාකරන්න හිතුවෙ බොහෝ දෙනෙකුට ඉතාම වැදගත් මාතෘකාවක් ගැන. පිරිමි පාර්ශවය කෙසේ වෙතත් කාන්තා පාර්ශවය නම් මේ ගැන ලොකු අවධානයක් යොමු කරනවා.ඒ තමයි පංච කල්‍යාණය. මේ පිලිබදව ලිපි කිහිපයකින් අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

මෙම ලිපි මාලාවේදි මුලින්ම අපි කේෂ කල්‍යාණය ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

තරුණ යුවතියකට නම් තමන්ගෙ කෙස් කළඹ කියන්නෙ ඉතාම වැදගත් ආභරණයක් වගේ වටිනා දෙයක්. මෙම කේෂ කල්‍යාණය නිරෝගීව අලංකාරව පවත්වා ගැනීම කියනනෙ ලේසි පහසු දෙයක් නෙවෙයි.

ඉස් හොරි, පොතු කබර(සොරයිසිස්), අකලට කෙස් යාම, අකලට කෙස් සුදුවීම, උඳුගොව්වන් කෑම, ආදියෙන් තොර නිරෝගී කෙස් කළඹක් පවත්වා ගන්න ඕන.

මේ උපද්‍රව වලින් තොරව කෙස් කළඹ පවත්වා ගැනීමට එදිනෙදා ජීවිතයේදි පිළිපැදිය යුතු කරුණු කිහිපක් පහතින් දක්වන්ම්.

එයට කොන්ඩය පීරන පනාව, පිස දමන තුවාය, ආදිය ඉතා පිරිසිදුව පවත්වා ගන්නා අතර හොද පෝෂණීය ආහාර ලබා ගැනීමත් කල යුතුයි.මේ සඳහා තල, නෙළුම් අල, අළු කෙසෙල් *, රට ඉඳි , පලා වර්ග, ආදිය ආහාර ගැනීමත් කළ යුතුයි.

*මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි අළු කෙසෙල් ගැන අපේ නූතන පරම්පරාව තුල පවතින දුර්මතය. ඒ⁣ පරගැති බව හා නොදන්නා කමනිසා වෙන්න පුළුවන්. ගොඩක් තරුණියන් අළු කෙසෙල් ආහාරයට ගන්නෙ නැහැ වඳ භාවය ඇති වෙනව කියලා ඒ උනාට ක්ෂණික කෘතිම ආහාර, ⁣අධික වීෂ සහිත පැණි බීම වර්ග ආහාරයට එකතු කරගන්නේ එවගෙන් කිසිම ලෙඩක් ඇතිවෙන්නෙ නැහැ වගේ.

අළු කෙසෙල් කියන්නෙ ඉතාම ඉහල පෝෂණ ගුණක් සහිත ආහාරයක් අපේ මුතුන් මිත්තො මේ ආහාර නිසා තමයි මහා දාගැබ්, වැව් අමුණු බැන්දේ. නැතුව සුද්දන්ගෙ කෑම කලා නෙවෙයි. අළු කෙසෙල් කන්න එපා කියන්නෙ සුද්දො උන්ට ඕන උනා අපේ ශරීර ශක්ති හීන කරන්න අපි තාමත් කන්නෙ උන්ගෙ ලණු. අළු කෙසෙල් කෑවට එහෙම වඳභාවයක් ඇතිවෙන්න විධියක් නැහැ.  මේ ගැන වෙනම ලිපියකින් ඔබව දැනුවත් කරන්නම් .

ඒ වගේම තමයි හි⁣සේ ඖෂධීය තෙල් වර්ග ගැල්වීම කරන්නත් ඕන. නිතරම හිස සෝදා පිරිසිදුව තබා ගැනීම නම් ඉතාම වැදගත් මොකද එහෙම නැතිනම්  කෙස් හා හිසේ සම අතර තෙල් හා ස්නේහ ස්‍රාවී ග්‍රන්ති වලින් පිටවන ස්‍රාවයන් එක්ක බාහිර පරිසරයෙන් එකතුවෙන කුණු, දූවිලි ආදිය නිසා එතැන අපිරිසිදු වී බැක්ටීරියා, දිලීර, වෛරස් ආදියට වර්ධනය වී එතැන ආසාදනයට  ලක් වෙලා ඉස්හොරි ආදී රෝග ඇති වෙන්නත් පුළුවන්.

මෙහිදී අපි නොදන්නා දෙයක් තමයි ඉස්හොරි ඇතිවෙන්න අපේ ඇගේ රුධිරය දූෂණය වීමද සෘජුවම බලපාන බව. මේ සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඉතා සාර්ථක ප්‍රතිකාර තියනවා.

මේ දේවල් ගැහැණු පිරිමි දෙපාර්ශවයටම පොදු බවත් කියන්න කැමතියි.

වි⁣ශේෂයෙන්ම හිසේ තෙල් ගැල්වීමේදි හිසකෙස් හොදින් වියළි තත්වයේ පැවතිය යුතුයි.දිය නෑමෙන් පැයකට පමණ පසු හිසේ තෙල් ගැල්වීම තමා හොදම. නාන්න කලින් තෙල් ගානවා නම් අඩුම තරමින් නෑමට පැයකටවත් කලින් තෙල් ගැල්වීම කලයුතුයි.

මේ පිළිබදබ බොහෝ දේ කථාකරන්න තිබුනත්  ලිපිය දිග වැඩිවෙන නිසා දැන් නවතින්නම්. අළු කෙසෙල් ගැන සඳහනේදී කාගේ හරි හිත රිදුනනම් සමාවෙන්න ඕන. ඒත් ඒ ගැන දෙපාරක් හිතනන කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා .මීලඟ ලිපියෙන් අපි දන්ත කල්‍යාණය ගැන කතාකරමු.
ස්තුතියි
#SDP#



Thursday, May 23, 2019

වසන්තය සුන්දරද එතරම්ම සියොතුන්ට



හැම ගසකම මල් පිපිලා ඊට සති කිහිපයකට පස්සෙ ගෙඩිත් හැදෙනවා. පරිසරයත් සෞම්‍යයි. තද අව්වත් නැහැ. තද වැස්සත් නැහැ. ළමා ලපටි , බාල මහලු අපි හැමෝම බලාන ඉන්නෙ මේ වසන්තය එනකල්.මොකද ඉඩෝරය ඉවර කරනවා වගේම අපි හැමෝගෙම වියලුනු සිත් තෙත් කරන්න වසන්තයට පුළුවන්.

 තරුණ තරුණියන්ටත් මේ කාලෙට සිකුරා ලබනවා කියලා තමයි දැනමුත්තො කියන්නෙ නම්. ඒ සිත් වලටආදරයෙන් බැදෙන්න මේ පරිසරයේ තියෙන අපූර්වත්වය ඔවුන්ට උපකාර කරනවා ඇති.
මේ තමයි අපි හැමෝම හිතන අපි අත්විදින අපේ කථාව.

ඒ වගේම තමයි පරිසරයත් එක්කම ජීවත්වෙන සත්තුත්  මේ වසන්තය එනකල් මග බලාන ඉන්නවා. හැම ගසක්ම පලබර වෙන නිසා ඔවුන්ටත් හිතේ හැටියට කෑම තියෙනවා.

තරුණ කුරුල්ලොත් මේ අතර ඉන්නවා ඔවුනුත් අලුතින් කූඩුවක් හදන්නෙ මේ කාලෙට තමයි. ඒ මොකද තමන්ගෙ සහකාරිය කැන්දන් එන්න.

ඔවුන් සතුටින් ජීවත් වෙන්න තමයි හිතාගෙන ඉන්නෙ.

ඒත් ඇත්තටම ඒක එහෙමද?

ඒ කුරුල්ලො වසන්තය ආවා කියලා තමන් කරන කියන කටයුතු සියල්ල නවතලා වසන්තය අපිට සියල්ල දෙනවා කියලා හිටියොත් උන්ට මොකද වෙන්නෙ.බඩගින්නෙ මැරෙන්න නේද ? නැතිනම් තවත් සතෙකුගේ ගොදුරක් වෙන්න නේද?

ඌට උගේ දිවි රැක ගන්න නම් අත්තටු දෙකෙන වැඩ ගන්න වෙනවමයි නේද?

ඒ සියොතුන් තමන්ගෙ අත්තටු වලින් ප්‍රයෝජනයක්  නොගන්නාතාක් කල් ඔවුනගේ ජීවිතය සුන්දර වේවිද වසත්කල පැමිණුනා කියා.....

අපේ ජිවිත වල යථාර්ථයත් මෙයම නොවේද...? 

මුත්‍රා ගල් වලට සුවය දෙන අක්කපාන කොළ සම්බෝලය




අපි අද කතා කරන්න යන්නේ අක්කපාන කොළ සම්බෝලයක් හදාගන්නේ කොහොමද කියන එක ගැන.
ගමේ ගොඩේ (ඇත්තටම ගොඩේ නෙවෙයි) ඉන්න අපේ වැඩිහිටි පරපුරේ බොහො දෙනෙක් නම් මේ රසවත් කෑම ගැන නොදන්නවා වෙන්න බැහැ.
මොකද ඔවුන් තමන්ගේ නිරෝගි කම ගැන බොහොම ඉහලින් සිතපු අය. අපි වගේ කාර්යබහුල ජීවිත එයාලට තිබුනේ නැති නිසා මේ ස්වාභාවික දේවල් හැකි සෑමවිටම තමන්ගේ ආහාරයට එකතුකර ගත්තා .

දැන් අපි බලමු කොහොමද මේ සම්බෝලය හදාගන්නේ කියලා,
මුලින්ම අපිට ඕන කරනවා ,

අක්කපාන දළු කොළ මිටක්,
පොල් මිටක්,
දෙහි ගෙඩියක්,
රතුලූණු ගෙඩි 5/6 ක්,
අමු මිරිස් කරල් 3/4 ක්,
ලුනු ස්වල්පයක්

(මෙම ප්‍රමාණ සාමාන්‍යයෙන් 4 දෙනෙකුට ප්‍රමාණවත්)

දැන් මුලින්ම අක්කපාන කොළ ටික හොඳින් සෝදා සිහින්ව කපාගෙන ඒවා ලුනු දියර දැමු භාජනයකට දමා හොදින් තදකර විනාඩි කිහිපයක් තබා හොඳින් මිරිකා  පිටතට ගන්න.

ඉන් පසු පොල් මිටට රතුලූණු , අමු මිරිස් සිහින්ව කපා මිශ්‍රකර එයට ලුනු  සහ දෙහි ප්‍රමාණවත් පරිදි එකතු කරගන්න.

දැන් එයට කලින් සකසාගත් අක්කපාන කොළ  එක්කර  හොදින් මිශ්‍රකර ගන්න .

මෙම ආහාරය මුත්‍රා ගල් ‌රෝගය සදහා ඉතා හොද ආහාරයකි.

නමුත් ඕනම දෙයක් ප්‍රමාණය ඉක්මවා ගැනීම එතරම් සුදුසු නැති බව මතක් කරන්න  කැමතියි .
ඒ වගේම මුත්‍රා ගල් ඇති අයත් නැති අයත් හොදට ජලය පානය කිරීමට පුරුදු වීම නම් ඉතාම හොද පුරුද්දක්.

මාස කිහිපයක් නිහඩව ඉන්න උනාට සමාවෙන්න කියලා මගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ කාලය තුලදිත් මගේ blog අඩවිය අත් නොහැර හිටපු සියලු දෙනාටමත් ස්තූතිවන්ත වෙන අතරම දැන් නැවතත් සියල්ල සැනෙකින් blog අඩවිය හා රැදීසිටින මෙන් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
ස්තුතියි  !

Tuesday, November 20, 2018

ඔබත් ආහාර ගැනීමේදී මෙම වැරදි කරනවාද?


මම මේ ලිපියෙන් කතා කරන්න හිතුවෙ එදිනෙදා ජීවිතයේදි අපි අතින් ආහාර ගැනීමේදී නොදැනුවත්ව වෙන්න පුළුවන් වැරදී කිහිපක් ගැන.

අපේ කාර්යබහුලත්වයත් එක්කම අපි ඉතා ඉක්මනින් ආහාර ගැනීමට පුරුදුවෙලා ඉන්නවා. ඒත් එවිට ආහාර හොදින් හපා කෑමක් සිද්ද වෙන්නෙ අඩුවෙන්. මේ නිසා ආහාර දිරවීමේදි අපහසුතාවයක් ඇති වෙනවා.

ඒ වගේම තමයි තෑම කැවට පස්සෙ ආමාශයේදි ආහාර ආමාශයේ ස්‍රාවන් සමග හොදින් ගැටෙන්න ඔ්න. ඒත් කෑම කාලා වතුර ගොඩක් බිව්වොත් මේ ස්‍රාවයන්ගේ සාන්ද්‍රනය අඩු වෙන නිසා, ආහාර ආමාශය තුල පල් වීමට ඉඩක් තියෙනවා.
ඒ නිසා ආහාර ගත් විගස ලොකු වතුර ප්‍රමාණයක් පානය කිරිම හොද දෙයක් නම් නෙමෙයි.

අනිත් දේ  තමයි අපි කෑම ගන්න කොට මාළු සහ කිරි එකට ගැනීම නම් හොද නැහැ. මොකද මෙි වර්ග දෙකම සෙම වඩන නිසා මේවා එකට ගත්තම සෙම රෝග ඇති වීමේ හැකියාව වැඩියි.

කියන්න ඔ්න තවත් දෙයක් තමයි රෑට මුදවාපු කිරි කෑම නම් අහිතකරයි. මොකද මී කිරිද සෙම වැඩෙන අහාරයක්.මේ නිසා ශරීරයේ ඇතිබෙන සියුම් ශ්‍රොතස්(සිදුරු) අවහිර කරනවා.

ඒ වගේම ශීතකරණයේ ඇති සීතල වතුර නම් පුරුද්දක් විධියට බොන එන හොද නැහැ.
ප්‍රතිශ්‍යාව ඇති විට, කුඩා දරුවන්ට ( බාල කාලයේ සෙම් රෝග වැඩි නිසා ) එතරම් හොද නැත. ග්‍රීෂ්ම කාලයේ නම් බිව්වට වරදක් නැහැ.
 ඒ වගේම පරණ ආහාරත් මෙහි තබාගෙන දින ගනන් කෑම ජීර්ණ පද්ධතිය ආශ්‍රීත  රෝගද වැලදෙන්න පුළුවන්.

මේ වගේ සුළු කාරණා ගැන දැනුවත් වෙලා අපිත් නිරෝගී ජීවිතයක් ගතකරමු.



Monday, November 19, 2018

දියවැඩියාවට අට්ටික්කා ගෙඩි මැල්ලුම


ගමේ ගොඩේ කෑම කියද්දි කටට ටිකක් කෙලත් උනනවා නේද? ඉස්සර ගම් වල හිටපු අපේ ගැමියො නම් මේ කැම කාලා දියවැඩියාව, හෘදයාබාධ, අධිරුධිර පීඩනය ,කොලෙස්ටරෝ එහෙම හදා ගත්තා කියලා අපිට අහන්න ලැබිලා නැහැ.

නමුත් වර්තමානයේ පවතින සංකීර්ණ ජීවන රටාවත් එක්කම අපි ගන්න ආහාරත් වෙනස් වෙලා තියෙනවා. හැමදාම එකම විධියෙ කෑම වේලක් තමයි අපිට කන්න සිද්ද වෙලා ඉතින්.
මේ නිසාම අපේ සමාජයේ බෝ නොවන රෝග වැළදීමේ සම්භාවිතාවයත් වැඩි වෙලා තියෙනවා.

අපිට පුළුවන් වෙලාවක හරි ගමේ කෑමක් කාලා ශරීරයට පොඩි සහනයක් දෙන්න වග බලාගමු නේද.

අද අපි බලමු දියවැඩියාවට ගුණ අට්ටික්කා මැල්ලුම ගැන.
බොහොම ගුණවත්, ඒ වගේම රස කෑමක්. අට්ටික්කා ගස්යට වැටිලා කුණුවෙලා යන එකේ ගෙඩි ටිකක් හොයාගෙන ඇවිත් මැල්ලුමක් කලා බලමුද ?

ඉස්සෙල්ලම අපිට කරන්න තියෙන්නෙ තරමක් පැසුනු අට්ටික්කා ගෙඩි 10-15 ක් හොයා ගන්න එක.
 ඊට අමතරව,
 සිහින්ව ගා ගත් පොල් - අඩු කෝප්ප 1 1/2
ලුණු ස්වල්පයක්
රතු ළුෑනු ගෙඩි - 4
අමු මිරිස් කරල් - 6
ගම්මිරිස් ඇට - 6
කරපිංචා කොල -5
සූදුරු ස්වල්පයක්
ගොරකා කැබැල්ලක්

දැන් අට්ටික්කා ටික හොදට හෝදලා පෙති ගහගන්න ඔ්න.ඒ ටික භාජනයකට දමා
 අවශ්‍ය තරම් ලුණු හා ගොරකා කැබැල්ල හා වතුර දමා තැම්බෙන්න තියන්න.

ඉන් පසු, පොල්, කරපිංචා, ගම්මිරිස්, ළුෑනු, සූදුරු, අමු මිරිස් එකට දමා හොදින් සම්බෝලයක් අඹරා ගන්න.

ඊට පස්සෙ තැම්බුනු අට්ටික්කා වල තව වතුර ඉතිරි වෙලා තිබේ නම් ඒවා ඉවත් කර, සාදාගත් සම්බෝලය අට්ටික්කා වලට එකතු කර හොදින් මිශ්‍ර කරගන්න.

( මෙයට කොස් ඇටද දමා තැම්බෙන්නට තබා පසුව සම්බෝලය එක්කල හැකිය )

මේ රස ගුණ පිරි ආහාරය ඔබත් රස බලන්න



Saturday, November 17, 2018

පිළිකාවට වැට බදින රස ගුණ පිරි කටු අනෝදා ව්‍යංජනය


ගමේ ගොඩේ ඉබේ හැදෙන වටිනා, ඉතාම ඉහල ගුණයක් ඇති පලතුරක් තමයි කටු අනෝදා කියන්නෙ. බොහෝ දෙනෙක් මේවා පලතුරක් විධියටත් පානයක් විධියටත් ආහාරයට අරගෙන ඇති. ඒත් අද මම කියන්නෙ කටු අනෝදා ව්‍යංජනය ගැන.

මේ කටු අනෝදා වල තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා පිළිකා වලට එරෙහි හොද ඹෟෂධයක්. ඒ වගේම දියවැඩියාව ආදි බොහෝ ලෙඩ වලටත් ගුණ දෙන පලතුරක්. දැනු බලමු කොහොමද අපි මේ ව්‍යංජනය හදන්නෙ කියලා.

ඉස්සෙල්ලම කරන්න තියෙන දේ තමයි තරමක් පැසුණු කටු අනෝදා ගෙඩියක් ගෙඩියක් තෝරගන්න එක.
ඊට අමතරව අපිට අවශ්‍ය කරන දේවල් තමයි,
රතු ළුෑණු ගෙඩි 5 ක්,
ලුණු, කහ, තුන පහ, මිරිස් කුඩු,
අමු මිරිස් කරල් 5 ක්,
සුදු ළුෑණු බික් 3 ක්,
අමු ඉගුරු කෑල්ලක්,
කරපිංචා, රම්පෙ, අබ ස්වල්පයක් සහ පොල්තෙල් මේස හැදි 2  ක් ඔ්න කරනවා.

පළමුවෙන්ම පැසුණු කටු අනෝදා ගෙඩියේ පොතු සහ ඇට ටික ඉවත් කරගෙන පොඩි කෑලි වලට කපාගෙන ඒවා ඇල් වතුරට දාලා සෝදගන්න.

ඉන් පසුව වතුර ඉවත් කරලා ලුණු, කහ, තුනපහ, මිරිස් කුඩු හා අවශ්‍ය නම් උම්බලකඩත් දලා හොදින් අනෝදා කැබලි සමග මිශ්‍ර කරගන්න ඔ්න.

දැන් ඒ ටික පැත්තකින් තියලා පිරිසිදු භාජනයක් ලිපේ තියලා එයට පොල් තෙල් ටික දාලා හොදින් රත් වූ පසුව,  සුදු ළුෑණු, අමු ඉගුරු, රම්පෙ, කරපිංචා, අබ, අමු මිරිස් හා රතු ළුෑණු ආදිය තෙලට දමා අවශ්‍ය පදමට බැදුනු පසු,
කලින් මිශ්‍ර කරගත් කටු අනෝදා කැබලි මිශ්‍රනයත් මෙයට එක්කරගෙන වතුර ස්වල්පයකුත් දමා භාජනය වසා හොදින් තැම්බෙන්න ඉඩ හරින්න.

ඉන් පසුව හොදින් තැම්බුනු පසු ලිපෙන් බාගෙන රස බලන්න පුළුවන්.

ප්‍රවීණ සූප වේදිනි - චිත්‍රාංගනී කුමාරිහාමි.




Thursday, November 15, 2018

අක්මාවටත්, ප්ලීහාවටත් ගුණ දෙන අමු පැපොල් ව්‍යංජනය


අපි බලමු  කොහොමද මේක හදන්නෙ කියලා. මුලින්ම මේකට අවශ්‍ය දේවල් තමයි,

සාමාන්‍ය ප්‍රමාණයේ අමු පැපොල් ගෙඩියක්
ලුණු ටිකක්
ගොරකා හෝ සියඹලා ස්වල්පයක්
සුදු ළුෑණු බික් 2 පමණ
ගම්මිරිස් ඇට 10 පමණ
සූදුරු ස්වල්පයක්
කොච්චි හෝ අමු මිරිස් කරල් 10 පමණ
සිහින්ව ගා ගත් පොල්

මුලින්ම කරන්න තියෙන්නෙ පැපොල් ගෙඩිය හොදට සොදලා පොත්ත රැහැලා ඇට ඉවත් කරලා වට්ටක්කා වගේ කැට විධියට කපාගන්න එක.
 ඉන් පසුව භාජනයතට දාලා වතුර දාලා එයට ලුණු සමග ගොරකා හෝ සියඹලා දාලා තැමිබෙන්න ලිපේ තියන්න.
 මෙය භාගෙට තැම්බීගෙන එන විට පහත මිශ්‍රණය මෙයට එකතු කරන්න.
 මේක හදා ගන්නෙ මෙහෙමයි.

 සුදු ළුෑණුයි, ගම්මිරිසුයි, සූදුරුයි, කොච්චි හෝ අමුමිරිස්, සහ පොල් අතට අහුවෙන ප්‍රමානයක් කියන මේ සියල්ල එකට අරගෙන හොදට අඹරගන්න ඔන පස්සෙ ගුලියක් ලෙස හදාගන්න හැකි වෙනකල්.

 ඒත් එක්කම අනිත් පොල් ටික මිරිකලා හොදට කිරි අරගෙන ඒ කිරි වලට කහ ටිකක් දාලා ඊට පස්සේ මිශ්‍රණය එහි දියකර ගන්න.

දැන් භාගෙට තැම්බුනු පැපොල් භාජනයට මේ පොල් කිරි දාලා පැහෙන කොට හොදට හැදි  ගාන්න.

ව්‍යංජනය හොදට පැසුනම ලිපෙන් බාගන්න.

රස ගුණ සපිරි පැපොල් ව්‍යංජනයක් ඔබත් රස විදල බලන්න.




නිරෝගී දිවියකට අමු පැපොල්


අපේ රටේ ඉතාම සුලබ දෙයක් තමයි පැපොල් කියන්නෙ. ඉදුනු විට පලතුරක් වශයෙන් බොහෝ දෙනෙක් ආහාරයට ගත්තද අමුවෙන් ආහාරයට ගත හැකි බව දන්නෙත් ඉතාම සුළු පිරිසක්.

හොදින් පැසුනු අමු පැපොල් ව්‍යංගනයක් ලෙස සකස් කරගත් විට ඉතාම රසවත්, ගුණවත් ආහාරයක්. මෙමගින් බඩගිනි වැඩිවීමද, මලශුද්ද වීමද, අක්මාව හා ප්ලීහාව ආශ්‍රීත රෝග වලටද ගුණ ලබාදෙනවා.

එසේම මාංශ ආහාර සමග මේ පැපොල් ව්‍යංජන ආහාරයට ගැනීමෙන් එම මස් වර්ග පහසුවෙන් දිරවීමට උපකාරී වෙනවා. මන්ද මේ මස් දිරවීමට අවශ්‍ය රසායන ද්‍රව්‍යය පැපොල් ව්‍යංජනය සතුයි.

පැපොල් මැල්ලුමද ඉතාම ගුණ  ආහාරයක්.

Wednesday, November 14, 2018

වැස්සට තෙමුනද? උණ වගේද ?


වැසිකාලෙට  වැස්සට නොතෙමුනු කෙනෙක් නම් හොයාගනන නැතිව ඇති. ඒත් එක්කම වැස්සට තෙමිලා, පිනිබාලා හෙම්බිරිස්සාව හිසරදය එහෙමත් නොවැළදුනු කෙනෙක් නැතිව ඇති.
මේ වෙලාවට පැරසිටමෝ පෙති දෙකක් බිලා නිදාගන්න එක තමයි බොහෝ දෙනෙක් පුදුරුදු වෙලා තියෙන දේ.

ඒත් එක්කම උණුසුම් පානයක් පානය කරන්නත් අමතක කරන්නෙ නම් නැහැ. ඒ පානයෙන් මේ දෙකම කරගන්න හැකි බව ඔබ දන්නවාද?

බටහිර ඖෂධ වලින් අතුරු ආබාධ නොවැළදෙන ඖධයක් සොයා ගැනීම ඉතාම අපහසුයි. එමනිසා අපේ දේශිය අත් බෙහෙත් තමයි මේ සුළු සුළු ආබාධ වලට හොදම ඖෂධ වෙන්නෙ.

මේ වගේ වෙලාවක ඉගුරු කොත්තමල්ලි ටිකක් තම්බගෙන බිව්වනම් කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙ නැහැ. මේ සදහා ගොඩක් වෙලා යනවද? නැහැ ඉස්සර නම් වෙලා යන්න ඇති. ඒත් දැන් වෙළදපොලේ ඉගුරු කොත්තමල්ලි තේ පැකට් ගන්න තියෙන නිසා උණු වතුරට ඒ tea bag එකක් දාලා තම්බලා සීනි හෝ හකුරු එක්ක බොන්න පුළුවන්. තේ බොනවා වගේ.තමන්ගේ කාර්යාලයේදි උනත් මේ බෙහෙත හදාගන්න හැකියාව තියෙනවා.

පුළුවන් කමක් තියේ නම් ගෙදරදි වියළි කොත්තමල්ලියි ඉගුරුයි තම්බලා බිව්වත් කමක් නැහැ.

කිසිම ඖධිය ගුණයක් නැති අපි බොන කළු තේ වලට වඩා මේ වගේ ඖෂධීය අත් බෙහෙතක් පානය කලා නම් එක ගලින් කුරුල්ලො දෙන්නෙක් බාගන්න පුළුවන් නේද?
සිරුරට අවශ්‍ය උණුසුමයි, ඖෂධයි දෙකම ලැබෙනවා නේද?

The Last Chance to Get In!Daily PVT Bonus : Invite, Predict and Read to Win PVT!

Wednesday, November 7, 2018

කාර්යබහුල ඔබට, සෙම් ගෙඩි වලට හොදම විසදුම..


කාර්යබහුල ජීවන තත්වයත් එක්ක සුළු සුළු රෝගාබාද අපිට නිතරම වගේ හැදෙන එක සාමාන්‍ය දෙයක්.
සෙම්ගෙඩි කියන්නෙත් බොහෝදෙනෙකුට නිතරම වගේ සෑදෙන රෝග තත්වයක්.
මේත් එක්කම උගුරේ වේදනාවක්, ගිලීමේ අපහසුතාවයක් වගේම සුළු උණ ගතියක් උනත් හැදෙන්න පුළුවන්.

කාර්යබහුල අපිට පහසුවෙන් කරන් පුළුවන් දෙයක් ගැන අපි දැන් බලමු.

මේ දේ කරන්න පහසුම තැන තමයි කුස්සිය, ලුණු ටිකක් මද රස්නෙ තියෙන වතුරෙ දිය කරලා එකට ගම්මිරිස් කුඩු ටිකක් දාලා හොදට දියකරලා ඒකෙන් කට සෝදන්න දවසට දෙපාරක් විතර.විනාඩියක් ‌දෙකක් විතර කට ඇතුලෙ තියාගෙන ඉදලා උගුරත් එක්කම හොදට සෝදලා වතුර එලියට දාන්න. ගිලින්න එපා.(ලුණු මේස හැන්දකට ගම්මිස්කුඩු තේ හැදි භාගයක් විතර දැම්මම හරි)

ඊට පස්සෙ තාලිසාදි චූර්ණය (50 g පැකට් එකක් සිංහල බේත් කඩේකින් ගන්න) තේ හැන්දක් අල්ලට අරගෙන ඒකට මී පැණි දාලා තලපයක් වගේ වෙනකල් මිශ්‍ර කරගෙන එයින් ටික ටික දිවේ ගාගෙන හොදින් උඩු තල්ලේ දිව ස්පර්ශ වෙන ලෙස කිහිප වරකට කන්න. දවස් දෙක තුනක් උදේ හවස මෙහෙම කරද්දි හොදටම හොදවෙයි. සමහර විට එක පාරින් දෙපාරින් උනත් හොදවෙනවා.

මී පැණි හොයාගන්න නැතිනම් තාලිසාදී චූර්ණයෙන් ‌ෙත් හැදි 2 ක් උණු වතුරෙ හොදට දියකරලා තැම්බෙන්න තියලා කුඩුත් එක්කම බොන්නත් පුළුවන්. මේ අත් බෙහෙත් භාවිතා කරලා පහසුවෙන් ඔබේ නිරෝගිකමත්, මුදලුත් රැකගන්න මන්ද මේ සිංහල බේත් අතුරු ආබාධ වලින් තොර නිසා.

Sunday, November 4, 2018

රසම රස නෙල්ලි දෝසි


නෙල්ලි ගැන කලින් ලිපියෙදි මම ගොඩක් විස්තර කථාකලා,. ඒක කියවද්දි බොහෝ දෙනෙකුට එන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි නෙල්ලි කන්න පුළුවන් එකම විදිය ගෙඩිය පිටින්ම කන එකද කියලා.

දැන් මම කියලා දෙන්න හදන්නෙ නෙල්ලි වල රසත්, ගුණත් රැකෙන පරිදි නෙල්ලි දෝසි හදන්නෙ කොහොමද කියන එක.

ඉස්සෙල්ලම අමු නෙල්ලි 500 g පමණ අරගෙන හොදින් සොදගන්න. ඊට පස්සෙ ඒ අමු නෙල්ලි ටික පැහෙන වතුරට දාලා තැම්බුනාට පස්සෙ අරගෙන ඒවගේ ඇට ටික ඉවත් කරගන්න ඔන.
ඊට පස්සෙ ඇට ඉවත් කල නෙල්ලි ටිකට  සීනි 250 g හෝ පැණි නම් අවශ්‍ය පරිදි දමා නෙල්ලි  දෝසි ලෙස සකස් කර ගන්න.
මේවා කල් තබාගෙන වුවද භාවිතා කරන්න පුළුවන්.

නෙල්ලි ගෙඩියට ඇනලා ඇට ඉවත් කරන්න ගියොත් නෙල්ලි වල පෝෂණය හා ගුණය අඩු වීමට ඉඩ තියෙනවා.

ඒ වගේම නෙල්ලි වලින් නෙල්ලි බීම පවා හදාගෙන පැණි බීම වෙනුවට භාවිතා කරනවා නම් ඇගටත්, සාක්කුවටත් කොතරම් හොදද...

Saturday, November 3, 2018

විටමින් C වලට හොදම ආදේශය වූ ආයුර්වේදයේ කිරිමව....


මම මෙහෙම කියද්දී  පුදුම හිතුනද? විවිධ වූ රෝගාබාධ වලට අපි නිතරම පාහේ විටමින් C ලබාගන්න පුරුදුවෙලා ඉන්න බව අපි හැමෝම දන්න දෙයක්. ඒ වගේම තමයි විටමින් C ලබා ගන්න තක්කාලි වගේ අම්ල ගතිය වැඩි ආහාර අරගෙන සමහරු ලෙඩවුනු බවත් අහල ඇති. ඒත් කිසිම අතුරු ආබාධයකින් තොරව විටමින් C සහ තවත් පෝෂක,කැල්සියම් ආදී ඛණිජ, ආදියද එකී මෙකී නොකී බොහෝ දේ අඩංගු ගුණවත්ම පෝසත්ම පලතුර තමයි අපි හැමෝම දන්න නෙල්ලි.

ආයුර්වේදයට අනුව ජනයාගේ කිරිමව ලෙස හදුන්වන්නෙත් නෙල්ලිම තමයි.ඒ මෙයින් තුන් දොස් සමනය වන නිසාත් ධාතු වල ආයු වැඩෙන, ආයුෂ ක්ෂය නොවී සනීපය, ස්ථාවරය ලබාදෙන ද්‍රව්‍ය අතුරින් අග්‍ර වීමත් නිසාමයි.

මධුර, අම්ල, කටු,තික්ත,කෂාය කියන මේ රස 5 ම නෙල්ලි වල තියෙන අතර නැත්තේ ලුණු රස පමණයි. 

එසේම ළදරුවන්ගේ අස්ථි වැඩීමටත්, සෙම්ප්‍රතිශ්‍යාවෙන් බේරා ගැනීමටත් නෙල්ලි බොහෝ ගුණදායකයි.

ලංකාවේ සබරගමුව, ඌව,ගල්ඔය, ඉගිනියාගල, ගම්පොල ආදී ප්‍රදේශවල නෙල්ලි බහුලයි. ඒ අතරින් බලංගොඩ ප්‍රදේශයේ නෙල්ලි ඉන්දියාවේ ඒවා තරම්ම විශාලයි.

නමුත් අවාසනාව නම් මේ දිව්‍යමය වූ පලතුර අද ප්‍රයෝජනයට ගන්නේ කීයෙන් කීදෙනාද යන්නයි.