වැසිකාලෙට වැස්සට නොතෙමුනු කෙනෙක් නම් හොයාගනන නැතිව ඇති. ඒත් එක්කම වැස්සට තෙමිලා, පිනිබාලා හෙම්බිරිස්සාව හිසරදය එහෙමත් නොවැළදුනු කෙනෙක් නැතිව ඇති.
මේ වෙලාවට පැරසිටමෝ පෙති දෙකක් බිලා නිදාගන්න එක තමයි බොහෝ දෙනෙක් පුදුරුදු වෙලා තියෙන දේ.
ඒත් එක්කම උණුසුම් පානයක් පානය කරන්නත් අමතක කරන්නෙ නම් නැහැ. ඒ පානයෙන් මේ දෙකම කරගන්න හැකි බව ඔබ දන්නවාද?
බටහිර ඖෂධ වලින් අතුරු ආබාධ නොවැළදෙන ඖධයක් සොයා ගැනීම ඉතාම අපහසුයි. එමනිසා අපේ දේශිය අත් බෙහෙත් තමයි මේ සුළු සුළු ආබාධ වලට හොදම ඖෂධ වෙන්නෙ.
මේ වගේ වෙලාවක ඉගුරු කොත්තමල්ලි ටිකක් තම්බගෙන බිව්වනම් කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙ නැහැ. මේ සදහා ගොඩක් වෙලා යනවද? නැහැ ඉස්සර නම් වෙලා යන්න ඇති. ඒත් දැන් වෙළදපොලේ ඉගුරු කොත්තමල්ලි තේ පැකට් ගන්න තියෙන නිසා උණු වතුරට ඒ tea bag එකක් දාලා තම්බලා සීනි හෝ හකුරු එක්ක බොන්න පුළුවන්. තේ බොනවා වගේ.තමන්ගේ කාර්යාලයේදි උනත් මේ බෙහෙත හදාගන්න හැකියාව තියෙනවා.
පුළුවන් කමක් තියේ නම් ගෙදරදි වියළි කොත්තමල්ලියි ඉගුරුයි තම්බලා බිව්වත් කමක් නැහැ.
කිසිම ඖධිය ගුණයක් නැති අපි බොන කළු තේ වලට වඩා මේ වගේ ඖෂධීය අත් බෙහෙතක් පානය කලා නම් එක ගලින් කුරුල්ලො දෙන්නෙක් බාගන්න පුළුවන් නේද?
සිරුරට අවශ්‍ය උණුසුමයි, ඖෂධයි දෙකම ලැබෙනවා නේද?
The Last Chance to Get In!Daily PVT Bonus : Invite, Predict and Read to Win PVT!
No comments:
Post a Comment