හැම ගසකම මල් පිපිලා ඊට සති කිහිපයකට පස්සෙ ගෙඩිත් හැදෙනවා. පරිසරයත් සෞම්‍යයි. තද අව්වත් නැහැ. තද වැස්සත් නැහැ. ළමා ලපටි , බාල මහලු අපි හැමෝම බලාන ඉන්නෙ මේ වසන්තය එනකල්.මොකද ඉඩෝරය ඉවර කරනවා වගේම අපි හැමෝගෙම වියලුනු සිත් තෙත් කරන්න වසන්තයට පුළුවන්.
තරුණ තරුණියන්ටත් මේ කාලෙට සිකුරා ලබනවා කියලා තමයි දැනමුත්තො කියන්නෙ නම්. ඒ සිත් වලටආදරයෙන් බැදෙන්න මේ පරිසරයේ තියෙන අපූර්වත්වය ඔවුන්ට උපකාර කරනවා ඇති.
මේ තමයි අපි හැමෝම හිතන අපි අත්විදින අපේ කථාව.
ඒ වගේම තමයි පරිසරයත් එක්කම ජීවත්වෙන සත්තුත් මේ වසන්තය එනකල් මග බලාන ඉන්නවා. හැම ගසක්ම පලබර වෙන නිසා ඔවුන්ටත් හිතේ හැටියට කෑම තියෙනවා.
තරුණ කුරුල්ලොත් මේ අතර ඉන්නවා ඔවුනුත් අලුතින් කූඩුවක් හදන්නෙ මේ කාලෙට තමයි. ඒ මොකද තමන්ගෙ සහකාරිය කැන්දන් එන්න.
ඔවුන් සතුටින් ජීවත් වෙන්න තමයි හිතාගෙන ඉන්නෙ.
ඒත් ඇත්තටම ඒක එහෙමද?
ඒ කුරුල්ලො වසන්තය ආවා කියලා තමන් කරන කියන කටයුතු සියල්ල නවතලා වසන්තය අපිට සියල්ල දෙනවා කියලා හිටියොත් උන්ට මොකද වෙන්නෙ.බඩගින්නෙ මැරෙන්න නේද ? නැතිනම් තවත් සතෙකුගේ ගොදුරක් වෙන්න නේද?
ඌට උගේ දිවි රැක ගන්න නම් අත්තටු දෙකෙන වැඩ ගන්න වෙනවමයි නේද?
ඒ සියොතුන් තමන්ගෙ අත්තටු වලින් ප්‍රයෝජනයක් නොගන්නාතාක් කල් ඔවුනගේ ජීවිතය සුන්දර වේවිද වසත්කල පැමිණුනා කියා.....
අපේ ජිවිත වල යථාර්ථයත් මෙයම නොවේද...?
This comment has been removed by a blog administrator.
ReplyDeleteඅතපසු වීමකින් comment එක remove විය.
ReplyDeleteලස්සනයි .
ReplyDelete