මම මෙම ලිපියෙන් කථා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මලබද්ධය කියන රෝගී තත්වය ගැනයි.
මෙම තත්වයේන් බොහෝ දෙනෙක් පිඩා වින්දද ලැජ්ජාව ආදිය නිසා හරිහමන් ප්‍රතිකාරයක් ගැනීමට ඔවුන් නොපෙලඹේ. අවසානයේ මේ තත්වය උත්සන්න වී අර්ශස් ආදි රෝග බවට පත්වන තුරුම ඔවුන් නොදනී. එවිට අශ්වයා බොහෝ දුර ගොස් හමාරය. ඉස්තාලයේ දොර වැසීමට ප්‍රමාදය.
මොකක්ද මේ මලබද්ධය...
මලබද්ධය කියන්නෙ මලපහකිරීමේ අවශ්‍යතාවය තිබුනද කෙතරම් උත්සාහ කලද මල පිටකිරීමට ඇති නොහැකියාවයි. පුරුද්දක් ලෙස දවසකට වරක් මල පහ කිරීමට පුරුදු වූ විට මෙය මග හරී යා හැකිය.
සහජයෙන්ම අර්ශස් ඇති අයට නම් තදේටම බලපායි.
මිට හේතු...
බොහෝ විට ආහාර අඩුවෙන් ගැනීමත්, දියර වර්ග අවශ්‍ය ප්‍රමාණයට නොගැනීමත් , මල පහ කිරීමේ අවශ්‍යතාවය දිගින් දිගටම යටපත් කිරීම ආදිය නිසාද, මානසික ආතතිය ආදිය නිසාද මෙය ඇති විය හැකිය.
අපිට කරන්න පුළුවන් මොනවද....
ප්‍රධාන වශයෙන් මෙවැනි අවස්ථාවල වැඩියෙන් මල වඩන කෙදි හා තන්තු සහිත ආහාර ගත යුතුය...
එසේම...
1. දිනපතා නියමිත වේලාවට මල පහ කිරීමට පුරුද්දක් ඇති කරගැනීම.
2. මල වේග අමතක නොකිරීම.
3. වතුර වැඩිපුර පානය කිරීම.
4. අළුත් එළවළු, පලතුරු, පලා වර්ග දිනපතා ආහාරයට එකතු කර ගැනීම. (කෙදි සහිත - කොහිල දළු, අල, මුගුනුවැන්න, ගොටුකොල ආදිය)
5. වියලි මස්, මාළු, කරවල, වර්ග අඩුවෙන් කෑමට ගැනීම.
6. විරේක ඖෂධ වර්ග හැකි තරම් අඩුවෙන් භාවිතය.
7. කොල කැද පානය.
මලබද්ධය අර්ශස්, භගන්දර වැනි රෝග වලටද හේතු වන නිසා ඒවාට ප්‍රතිකාර ගැනීමද කල යුතුමය.
මේ සදහා කල හැකි අත් බේත්...
1.කතුරුමුරුංගා කොළ, කෙසෙල් මුව, කෙසෙල් බඩ සමග පරිප්පු, බෙලි, මුදවාපු කිරි, ගස්ලබු, කෙසෙල් ගෙඩි, බතල ආදිය නිතර ආහාර ලෙස ගැනීම මලබද්ධයට හිතකරයි.
2. අරලු කුඩු, සෙනෙහෙ කොළ, රට ඉදි, එකට අඹරා වරකට ග්‍රෑම් 60 ක් පමන දවසට දෙවරක් ගන්න.
3. වැල්මී කුඩු,අරළු කුඩු, සූකිරි, මුද්දරප්පලම්, එකට අඹරා ග්‍රෑම් 30 සිට 60 ක් උණු වතුරින් ගැනීම.
4. කස කසා ඇට හොදින් ගරා වැලි ආදිය ඉවත් කර වියලා තබා ගෙන දිනපතා මිටක් පමණ වතුරට දමා තබා බීම.
5. තිරස්සවාළු, අරළු, නෙල්ලි, මුද්දරප්පලම්, සූදුරු සියල්ල චූර්ණ කර එකට අඹරා ග්‍රෑම් 40-60 දක්වා උණු වතුරින් ගන්න.
ඔබත් මේ ආහාර විහරණ හා අත් බෙහෙත් වලට යොමු වී මෙම පීඩාකාරී රෝගයෙන් අත් මිදෙන්න.
තෙරුවන් සරණයි..!
ඇසුර - අත් බෙහෙත්.
No comments:
Post a Comment