ඡවි කල්‍යාණය කියන්නෙ ලස්සන දිදුලන නිරෝගී සමකට, දද, කුෂ්ඨ ,කණ්ඩු(කැසීම්), ශ්විත්‍ර(සුදු කබර) , ආදී රෝග වලින් තොර, අධික වියළිත් නොවන, දහඩියෙන් අධිකව තෙත් නොවු සමක් පවත්වා ගැනීමටයි.
මේ සදහා බාහිර ආලේපන පමණක් යොදාගෙන නම් බැහැ මොකද ඒක තාවකාලික පිලියමක් විතරයි.ශරීරයේ අභ්‍යන්තරයත් අපි ගන්නා ආහාර වලින් පරිස්සම් කරගන්න වෙනවා.
තද ලුණු ,තද ඇඹුල් ආහාර වර්ග අධිකව භාවිතය නොකල යුතුයි . මෙය සම රැලි වැටීමට හේතුවක්. ඒ මේවා මගින් සම වියලවනවා, රූක්ෂ බවට පත්කරනවා. අන්නාසි, අච්චාරු , සෝස් වර්ග,ආදියෙන් ජලයෙන් සිරුර පිරුණු ස්වභාවය වියළවා, සම පුපුරන්නට, පතුල් පැලෙන්නට, යටිපලු දාහයද ඇති කරනවා.
ඒ වගේම මේ සඳහා පාරම්පරික රක්ත රෝගද බලපාන නිසා එවැනි අය රක්ත ශෝධක ඖෂධ භාවිතා කර ඒ තත්ත්වය අඩුකර ගත යුතුයි.
එමෙන්ම සිරුරට යම් ආසාදන තත්ත්වයක් නිසා සමේ දද,කුෂ්ඨ ආදිය ඇත්නම් එයට සුදුසු බාහිර හා අභ්‍යන්තර ප්‍රතිකාර කර ඒවා සුවපත් කරගත යුතුයි.
එසේම දියරමය ස්වභාවය වැඩි කැකිරි,පිපිඤ්ඤා,කොමඩු වැනි ආහාර නිතර ආහාරයට ගත යුතු අතර කැරොටීන් අඩංගු කැරට්,කහ ලාවුලු,වට්ටක්කා වැනි කහ පැහැ එළවළු හා පලතුරු ආහාරයට ගැනීමෙන් නිරෝගී සමක් අපට ඇතිකරගෙන පවත්වා ගත හැකිය.
No comments:
Post a Comment