ගමේ ගොඩේ කෑම කියද්දි කටට ටිකක් කෙලත් උනනවා නේද? ඉස්සර ගම් වල හිටපු අපේ ගැමියො නම් මේ කැම කාලා දියවැඩියාව, හෘදයාබාධ, අධිරුධිර පීඩනය ,කොලෙස්ටරෝ එහෙම හදා ගත්තා කියලා අපිට අහන්න ලැබිලා නැහැ.
නමුත් වර්තමානයේ පවතින සංකීර්ණ ජීවන රටාවත් එක්කම අපි ගන්න ආහාරත් වෙනස් වෙලා තියෙනවා. හැමදාම එකම විධියෙ කෑම වේලක් තමයි අපිට කන්න සිද්ද වෙලා ඉතින්.
මේ නිසාම අපේ සමාජයේ බෝ නොවන රෝග වැළදීමේ සම්භාවිතාවයත් වැඩි වෙලා තියෙනවා.
අපිට පුළුවන් වෙලාවක හරි ගමේ කෑමක් කාලා ශරීරයට පොඩි සහනයක් දෙන්න වග බලාගමු නේද.
අද අපි බලමු දියවැඩියාවට ගුණ අට්ටික්කා මැල්ලුම ගැන.
බොහොම ගුණවත්, ඒ වගේම රස කෑමක්. අට්ටික්කා ගස්යට වැටිලා කුණුවෙලා යන එකේ ගෙඩි ටිකක් හොයාගෙන ඇවිත් මැල්ලුමක් කලා බලමුද ?
ඉස්සෙල්ලම අපිට කරන්න තියෙන්නෙ තරමක් පැසුනු අට්ටික්කා ගෙඩි 10-15 ක් හොයා ගන්න එක.
ඊට අමතරව,
සිහින්ව ගා ගත් පොල් - අඩු කෝප්ප 1 1/2
ලුණු ස්වල්පයක්
රතු ළුෑනු ගෙඩි - 4
අමු මිරිස් කරල් - 6
ගම්මිරිස් ඇට - 6
කරපිංචා කොල -5
සූදුරු ස්වල්පයක්
ගොරකා කැබැල්ලක්
දැන් අට්ටික්කා ටික හොදට හෝදලා පෙති ගහගන්න ඔ්න.ඒ ටික භාජනයකට දමා
අවශ්‍ය තරම් ලුණු හා ගොරකා කැබැල්ල හා වතුර දමා තැම්බෙන්න තියන්න.
ඉන් පසු, පොල්, කරපිංචා, ගම්මිරිස්, ළුෑනු, සූදුරු, අමු මිරිස් එකට දමා හොදින් සම්බෝලයක් අඹරා ගන්න.
ඊට පස්සෙ තැම්බුනු අට්ටික්කා වල තව වතුර ඉතිරි වෙලා තිබේ නම් ඒවා ඉවත් කර, සාදාගත් සම්බෝලය අට්ටික්කා වලට එකතු කර හොදින් මිශ්‍ර කරගන්න.
( මෙයට කොස් ඇටද දමා තැම්බෙන්නට තබා පසුව සම්බෝලය එක්කල හැකිය )
මේ රස ගුණ පිරි ආහාරය ඔබත් රස බලන්න
No comments:
Post a Comment