Pages

Thursday, May 23, 2019

මුත්‍රා ගල් වලට සුවය දෙන අක්කපාන කොළ සම්බෝලය




අපි අද කතා කරන්න යන්නේ අක්කපාන කොළ සම්බෝලයක් හදාගන්නේ කොහොමද කියන එක ගැන.
ගමේ ගොඩේ (ඇත්තටම ගොඩේ නෙවෙයි) ඉන්න අපේ වැඩිහිටි පරපුරේ බොහො දෙනෙක් නම් මේ රසවත් කෑම ගැන නොදන්නවා වෙන්න බැහැ.
මොකද ඔවුන් තමන්ගේ නිරෝගි කම ගැන බොහොම ඉහලින් සිතපු අය. අපි වගේ කාර්යබහුල ජීවිත එයාලට තිබුනේ නැති නිසා මේ ස්වාභාවික දේවල් හැකි සෑමවිටම තමන්ගේ ආහාරයට එකතුකර ගත්තා .

දැන් අපි බලමු කොහොමද මේ සම්බෝලය හදාගන්නේ කියලා,
මුලින්ම අපිට ඕන කරනවා ,

අක්කපාන දළු කොළ මිටක්,
පොල් මිටක්,
දෙහි ගෙඩියක්,
රතුලූණු ගෙඩි 5/6 ක්,
අමු මිරිස් කරල් 3/4 ක්,
ලුනු ස්වල්පයක්

(මෙම ප්‍රමාණ සාමාන්‍යයෙන් 4 දෙනෙකුට ප්‍රමාණවත්)

දැන් මුලින්ම අක්කපාන කොළ ටික හොඳින් සෝදා සිහින්ව කපාගෙන ඒවා ලුනු දියර දැමු භාජනයකට දමා හොදින් තදකර විනාඩි කිහිපයක් තබා හොඳින් මිරිකා  පිටතට ගන්න.

ඉන් පසු පොල් මිටට රතුලූණු , අමු මිරිස් සිහින්ව කපා මිශ්‍රකර එයට ලුනු  සහ දෙහි ප්‍රමාණවත් පරිදි එකතු කරගන්න.

දැන් එයට කලින් සකසාගත් අක්කපාන කොළ  එක්කර  හොදින් මිශ්‍රකර ගන්න .

මෙම ආහාරය මුත්‍රා ගල් ‌රෝගය සදහා ඉතා හොද ආහාරයකි.

නමුත් ඕනම දෙයක් ප්‍රමාණය ඉක්මවා ගැනීම එතරම් සුදුසු නැති බව මතක් කරන්න  කැමතියි .
ඒ වගේම මුත්‍රා ගල් ඇති අයත් නැති අයත් හොදට ජලය පානය කිරීමට පුරුදු වීම නම් ඉතාම හොද පුරුද්දක්.

1 comment: