අපි කලින් ලිපියේදි කතා කලේ අජීර්ණය ගැන. කැම අරුචියත් ඒ එක්කම එන දෙයක්...
අරුචිය.....
අරුචිය කියන්නෙ ආහාර අප්‍රිය වීමයි. මෙය අජීර්ණය නිසාත් ඇතිවෙන්න පුළුවන්. එකම විධියේ ආහාර ගැනීම, කෑම රසවත් නොවීම, අප්‍රිය පරිසරයක සිට ආහාර ගැනීම, භය ආදි මානසික ගැටලු ආදියද මීට හේතු වෙන්න පුළුවන්.
ආහාර අරුචියක් ඇත්නම්....
කෑමට ප්‍රිය නැති බව, මුඛයට කසාය රසයක් දැනීම, හෘද් ප්‍රදේශයේ වේදනාව, මුඛයේ නීරස හා අමිරස දැනීම ඇති වෙන්න පුළුවන්.
ඉතින් ඔබට මෙසේ අරුචියක් තිබේ නම් මොකද කරන්න පුළුවන් කියලා දැන් බලමු.
1.අමු ඉගුරු, සවිද ලුණු හෝ සීනි සමග කන්න.
2.ඉගුරු යුෂ තේ හැදි 2 ක්, මී පැණි තේ හැදි 1 ක් සමග මිශ්‍ර කර කෑමට පෙර බොන්න.
3.දෙළුම් යුෂ, සවිද ලුණු, මී පැණි මිශ්‍රකර ටික ටික බොන්න.
4. කොත්තමල්ලි, එනසාල්, ගම්මිරිස්, චූර්ණකර ( හොදින් කුඩු කර) සීනි හා ගිතෙල් සමග මිශ්‍ර කර ටික ටික කන්න.
5.දෙහි හෝ ඇඹුල් දොඩම් යුෂ, සීනි හා ලුණු ස්වල්පයක් සමග බොන්න.
6.ලුණු අඹ, වියලි ඉගුරු, ගම්මිරිස්, දිවුල් මද, මී පැණියෙන් අඹරා කුඩා ගුලි ලෙස සකස් කර පවනේ වියලා තබාගන්න. මෙය කටේ තියාගෙන ඉන්කොට අරුචිය නැතිවෙනවා.
ආහාරයට පස්සෙ ගත්තම ආහාර දිරවීමට පහසු වෙනවා.
7. මුඛයේ අමිරස නැතිකිරීමට....
1. කුරුදු පොතු, කොත්තමල්ලි, කලාදුරු අල
තම්බා ගත් වතුරෙන් කට සේදීම.
2. වෙනිවැල්ගැට,කුරුදු පොතු, හා සූදුරු
තම්බා ගත් වතුරෙන් කට සේදීම ද
කරන්න පුළුවන්.
දැන් අපි බලමු,
අජීර්ණ සහ අරුචි අවස්ථා වලදි රෝගියා හැසිරෙන්න අවශ්‍ය කොහොමද කියලා....
අජීර්ණයක් කියන්නෙ ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවෙන රෝගී තත්වයක්.
ආයුර්වේද වෛද්‍ය මතය නම් සියළුම රෝග වලට හේතුව ආහාර දිරවීමේ ක්‍රියාවේ සිදුවන වෙනස් වීම්ය. මෙහිදී අජීර්ණ අවස්ථා බහුලව ඇති වුවද එහි ඇති බැරෑරුම් කම අපි එච්චර ගනන් ගන්නෙ නැහැ.
ඒ කියන්නෙ අජීර්ණයකදී වුවත් සමහරු ආහාර පාන වල වෙනසක් කිරීමට කැමති නැහැ. එවන් අවස්ථාවක විශේෂ කැමක් තිබුනොත් ඒක නොකා ඉන්න බැහැ. ඉතින් ඒ කෑම කාලා ලෙඩේ දෙකක් කරගෙන තමා පස්ස බලන්නෙ.
මේ නිසා අජීර්ණය වැනි අවස්ථා වලදී සාමාන්‍ය ආහාර පාන ගැනීම, හැසිරීම් ආදිය වෙනස් කර ගැනීම නුවණට හුරු ක්‍රියාවයි.
මෙහිදි අපි....
1. විවේකීව හිදීම කල යුතුයි.
2. දිරවීමට අපහසු තෙල් මිශ්‍ර තෙම්පරාදු කල ආහාර, බැදුම් වර්ග නොකා සිටීමද හොදයි.
3. වරින් වර උණු වතුර බීම.
4.නෑම සහ කය වෙහෙසා කටයුතු කිරීමෙන් වැලකීමද හොදයි.
ඉතින් ඔබත් මේ අත් බෙහෙත් සහ විහරණ භාවිතයෙන් සුවබර දිවියක් ගත කරයි කියලා මම විශ්වාස කරනවා.
තෙරුවන් සරණයි..!
ඇසුර - අත් බෙහෙත්
ඔබගේ අදහස් යෝජනා පහලින් comment කරන්න.
මට තිබෙන්නේ ආහාර වල රස නොදැනීමේ ප්‍රශ්නයක් ආහාර කටට ගත්තහම ආහාර වල නියම රස දැනෙන්නෙ නෑ විකෘ ති රස දැනෙනවා අමිරස දැනෙනවා කිව්වත් හරි මේ ප්‍රශ්නය මග හරවා ගන්නේ කොහොමද?
ReplyDelete