මම අද කතා කරන්න යන්නෙත් අපිට නිතරම වගේ වැළදෙන රෝග තත්වයක් ගැන. වමනය කියලා අහද්දි ටිකක් අප්‍රසන්න උනත් මේ ලෙඩේ නොවැළදුනු කෙනෙක් නම් නැතිව ඇති කියලා මං හිතනවා.
වැඩි විස්තර නැකිව අපි දැන් කතාව පටන් ගමු.වමනය ඇති වෙන්න හේතු බොහෝමයක් බලපාන්න පුළුවන්. නිතරම දකින්න පුළුවන් හේතු නම්, අජීර්ණ, ආහාර විෂ වීම්, උදර රෝග හා ගර්භණි අවස්ථා වලදීද, ඇතැම් රෝග වල ලක්ෂණ ලෙසද වමනය ඇතිවිය හැකියි.
වමනයකදී ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් විය යුතු වන්නේ සිරුරේ පවතින ජලය ඉවත් වන නිසා සිරුර විජලනයෙන් ආරක්ෂා කර ගැනීමටයි. කුඩා දරුවන් ගැන මේ නිසා වැඩි අවධානයක් මේ තත්වයේදී යොමු කල යුතුයි.
සාමාන්‍ය වමනයකදී අපිට කරන්න පුළුවන් මොනවද ?
1. විජලනය නැවැත්වීමට හැකිතාක් දියර වර්ග දීම කල යුතුයි. මේ සදහා දෙහි, දොඩම්, නාරං, දෙළුම් ආදියේ යුෂ සීනි දමා දෙන්න පුළුවන්. අයිස් සමග දීමට හැකි නම් තවත් හොදයි. ජීවනී වගේ දෙයක් දෙන්නත් පුළුවන්.
2. අමු ඉගුරු තම්බා සීනි දමා දීම.
3. කරාබු නැටි තලලා උණු වතුරට දාල බොන්න.
4. විලද කුඩු මී පැණි සමග කන්න.
5. දෙහි යුෂ සීනි සමග බොන්න.
3. සාදික්කා ගලගා දෙහි ඇඹුලින් දීම.
4. බෙලිමුල් තැම්බූ වතුරට මී පැණි මිශ්‍ර කර බීම ද හොදයි.
5.ගම්මිරිස් පොඩිකර හෝ කබලේ බැද තම්බා ටික ටික දෙන්න.
6. අඹ පොතු තම්බා සීනි දමා බොන්න.
7. මාදම් පොතු තම්බා සීනි දමා බොන්න.
8.දිවුල් මද මිරිකා සීනි දමා බොන්න.
9.පොල් විනාකිරි හා වතුර අවුන්ස දෙක බැගින් ගෙන එයට සීනි තේ හැදි 6 ක් පමණ දිය කර ටික ටික බොන්න.
11.සුරං විදුර ගුලියක් දෙහි ඇඹුලින් බොන්න.
12. සීතාරාම ගුලි 2 ක් ඉගුරු ඉස්මෙන් උක් හෝ මී පැණි සමග බොන්න.
13.සස්සද මුල් දෙහි ඇඹුලෙන් ගලගා දෙන්න.
14. ළදරුවන්ගේ පණු වමනයට, කොහොඹ පොතු, දුම්මැල්ල, කොහොඹ නැටි, කෂාය කර සීනි දමා බොන්න.
සාමාන්‍ය වමනයේදී මේ අත් බෙහෙත් වලින් ඔබට සුවයක් ලබා ගන්න පුළුවන්.
නමුත් මේවාට සුවයක් නොමැති නම් එය වෙනත් රෝගයක් වීමට ඉඩ ඇති බැවින් වෛද්‍යවරයෙක් වෙත යාම වඩා නුවණට හුරු ක්‍රියාවයි. තවත් මෙවැනිම ලිපියකින් නැවත හමුවෙමු.
තෙරුවන් සරණයි. !
ඇසුර - අත් බෙහෙත්
No comments:
Post a Comment