නෙල්ලි ගැන කලින් ලිපියෙදි මම ගොඩක් විස්තර කථාකලා,. ඒක කියවද්දි බොහෝ දෙනෙකුට එන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි නෙල්ලි කන්න පුළුවන් එකම විදිය ගෙඩිය පිටින්ම කන එකද කියලා.
දැන් මම කියලා දෙන්න හදන්නෙ නෙල්ලි වල රසත්, ගුණත් රැකෙන පරිදි නෙල්ලි දෝසි හදන්නෙ කොහොමද කියන එක.
ඉස්සෙල්ලම අමු නෙල්ලි 500 g පමණ අරගෙන හොදින් සොදගන්න. ඊට පස්සෙ ඒ අමු නෙල්ලි ටික පැහෙන වතුරට දාලා තැම්බුනාට පස්සෙ අරගෙන ඒවගේ ඇට ටික ඉවත් කරගන්න ඔන.
ඊට පස්සෙ ඇට ඉවත් කල නෙල්ලි ටිකට සීනි 250 g හෝ පැණි නම් අවශ්‍ය පරිදි දමා නෙල්ලි දෝසි ලෙස සකස් කර ගන්න.
මේවා කල් තබාගෙන වුවද භාවිතා කරන්න පුළුවන්.
නෙල්ලි ගෙඩියට ඇනලා ඇට ඉවත් කරන්න ගියොත් නෙල්ලි වල පෝෂණය හා ගුණය අඩු වීමට ඉඩ තියෙනවා.
ඒ වගේම නෙල්ලි වලින් නෙල්ලි බීම පවා හදාගෙන පැණි බීම වෙනුවට භාවිතා කරනවා නම් ඇගටත්, සාක්කුවටත් කොතරම් හොදද...
Superb👍👍👍
ReplyDeletethank you
Delete