Pages

Saturday, November 3, 2018

විටමින් C වලට හොදම ආදේශය වූ ආයුර්වේදයේ කිරිමව....


මම මෙහෙම කියද්දී  පුදුම හිතුනද? විවිධ වූ රෝගාබාධ වලට අපි නිතරම පාහේ විටමින් C ලබාගන්න පුරුදුවෙලා ඉන්න බව අපි හැමෝම දන්න දෙයක්. ඒ වගේම තමයි විටමින් C ලබා ගන්න තක්කාලි වගේ අම්ල ගතිය වැඩි ආහාර අරගෙන සමහරු ලෙඩවුනු බවත් අහල ඇති. ඒත් කිසිම අතුරු ආබාධයකින් තොරව විටමින් C සහ තවත් පෝෂක,කැල්සියම් ආදී ඛණිජ, ආදියද එකී මෙකී නොකී බොහෝ දේ අඩංගු ගුණවත්ම පෝසත්ම පලතුර තමයි අපි හැමෝම දන්න නෙල්ලි.

ආයුර්වේදයට අනුව ජනයාගේ කිරිමව ලෙස හදුන්වන්නෙත් නෙල්ලිම තමයි.ඒ මෙයින් තුන් දොස් සමනය වන නිසාත් ධාතු වල ආයු වැඩෙන, ආයුෂ ක්ෂය නොවී සනීපය, ස්ථාවරය ලබාදෙන ද්‍රව්‍ය අතුරින් අග්‍ර වීමත් නිසාමයි.

මධුර, අම්ල, කටු,තික්ත,කෂාය කියන මේ රස 5 ම නෙල්ලි වල තියෙන අතර නැත්තේ ලුණු රස පමණයි. 

එසේම ළදරුවන්ගේ අස්ථි වැඩීමටත්, සෙම්ප්‍රතිශ්‍යාවෙන් බේරා ගැනීමටත් නෙල්ලි බොහෝ ගුණදායකයි.

ලංකාවේ සබරගමුව, ඌව,ගල්ඔය, ඉගිනියාගල, ගම්පොල ආදී ප්‍රදේශවල නෙල්ලි බහුලයි. ඒ අතරින් බලංගොඩ ප්‍රදේශයේ නෙල්ලි ඉන්දියාවේ ඒවා තරම්ම විශාලයි.

නමුත් අවාසනාව නම් මේ දිව්‍යමය වූ පලතුර අද ප්‍රයෝජනයට ගන්නේ කීයෙන් කීදෙනාද යන්නයි.

1 comment: