සර්පයෝ කියලා මතක් වෙද්දිත් හිතට පොඩි චකිතයක්, තිගැස්මක් එනවා නේද? රාත්‍රී කාලයේ ගමනක් බිමනක් යද්දි මග තොටේදි සර්පයෙක් හමු වේද කියා සැකෙන් තමයි අපි ගොඩක් වෙලාවට රෑට යන්නෙ.
සාමාන්‍යයෙන් සර්ප දෂ්ට කිරීම් ලොකයේ බහුතරයක් රටවල නිතරම පාහේ සිද්ද වෙන දෙයක්. ඒ වගේම මේ නිසා බොහෝ ජීවිත පවා අවධානමට ලක්වෙනවා.
සර්ප දෂ්ට කිරීමකදී අපි කල යුත්තේ කුමක්ද?
මුලින්ම කියන්න තියෙන්නෙ මේක සුළුපටු දෙයක් නෙවෙයි, නමුත් මේ අවස්ථාවේ කලබල වීමත් කොහොමටවත් හොද නැහැ. රෝගියාව විශේෂ වෛද්‍යවරයෙකු වෙත ගෙනයන අතරතුර කාලයේදී අනිවාර්යෙන්ම කලයුතු ප්‍රථමාධාර හා අත් බෙහෙත් තියෙනවා.
මුලින්ම කරන්න තියෙන්නෙ දෂ්ට කරපු ස්ථානය ගලා යන ඇල් දියෙන් සෝදන එකයි.
කකුලේ කෑවා නම් උස් තැනක නොතියා බිම තබා සතා කාපු තැනට උඩින් රෙදි පටියකින් තරමක් තදට බදින්න. ඊට පස්සෙ රෝගියාව පොලොවට පහත් වන විධියට තියන්න, නැතිනම් නිදි කරවන්න. ඇවිදීම නම් නොකල යුතුයි, මොකද ඇගට ඇතුල්වූ විෂ සිරුර පුරා ව්‍යප්ත වෙන්න පුළුවන් ඇග ක්‍රියාශීලි උනොත්.
ඉන් පසුව දෂ්ට කල ස්ථානය හොදින් මිරිකා ලේ ඉවත් කිරිම.
නැතිනම් විෂ ලෙය උරා ඉවතට දාන්නත් පුළුවන්.
ඊට පස්සෙ ගිතෙල්, මී පැණි බීමට දෙන්න සිහිය පවතී නම් පමණක්.
හිසේ බෙහෙත් තෙලක් ( ගිතෙල් ) ගල්වන්න.
ඉන් පසුව දෙහි දලු, අමු ඉගුරු, දෙහි ඇඹුලින් අඹරා තිබ්බටු ගෙඩියක ප්‍රමාණයක් බොන්න දෙන්න.
නැතිනම් කරපිංචා පංචාංගයම කැද උයා බීමට දෙන්න.
කොත්තමල්ලි, වෙනිවැල්ගැට තම්බා දෙවරක් බීමට දෙන්න.
මෙම අත් බෙහෙත් අතරතුර විෂ වෛද්‍යවරයකු වෙත හෝ රෝහලක් වෙත රෝගියාව ගෙනයාමට කටයුතු කිරිම තමයි හොදම දේ.
විශේෂයෙන්ම රෝගියාට සිහිය නොමැති නම් කිසිවක් පොවන්න එපා. හැකි විගස වෙද මහතකු හෝ වෛද්‍යවරයකු වෙත හෝ රෝහලකට ගෙනයන්න.
No comments:
Post a Comment