Pages

Tuesday, July 9, 2019

පංච කල්‍යාණය රැකගනිමු - 05 වයඃ කල්‍යාණය



අපි කලින් මේ ලිපි මාලාවේ ලිපි 4ක් කථා කලා. අද අපි කතා කරන්න යන්නෙ මීලඟ සහ අවසාන ලිපිය වන වයඃ කල්‍යාණය ගැන.

වයස තරමට වයස නොපෙනීමට තමයි වයඃ කල්‍යාණය කියලා කියන්නෙ. කාන්තාවන්ට නම් මේ දේ ගොඩක් වටින දෙයක්.
වයස අවුරුදු 40 කෙනෙක් වයස 20-25 වගේ පේනව නම් කොච්චර හොදද නේද.

ලුණු අධික ආහාර සිරුර වියළවමින් වයසට වඩා වැඩිමහළු පෙනුමක් ලබාදීම සිදුකරනවා. එසේම අපේ අස්ථි පද්ධතියත් මෙහිදී ඉතාම වැදගත් ඒ මන්දයත් කොන්දේ කුදු බවක් ඇතිවුවහොත් එයද රුවට හානිකර නිසාය. එසේම අස්ථි දිරායාමට හා කෙස්,දත් නියපොතු ආදිය සදහා බලපාන කැල්සියම් ආහාරට නිසි පරිදි එක්කර ගත යුතුය.

එවිට අස්ථි පද්ධතිය දුර්වලවී ඇතිවන කුදු බවෙන් වැළකීමට ද ඇති හැකියාව ඉහලය. අස්ථි පද්ධතිය මුළු සිරුරම පවත්වාගනී ඒ සිරුර දරා ගැනීම,මාංශ පේෂි බැද තබාගැනීම ආදියයි. එසේම එය දුර්වල වීමෙන් , දත්, නිය, ලෝම, යන මේවාගේ කැඩෙන සුළු බවද, දිරායාමද, කෙස් යාමටද හේතුවේ.

මේ සදහා මුංඇට ,කඩල ආදී ධාන්‍ය වර්ග රැයක් පෙගෙන්නට තබා ආහාරයට එක්කර ගැනීම කෙස්, දත්, නිය , අස්ථි හා සම යන මේ සියල්ලටම ඉතාම හිතකරය.

පොතපත ඇසුරෙන් මේ ලිපි පෙල සම්පාදිතය.

2 comments: