වර්තමානයේ බොහො දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් තමයි අකාලයේ හිසකෙස් සුදු වීම. මෙම තත්වය නිසා ඔබ බොහෝම අපහසුතාවයට පත්වනවා ඇති. මේ සඳහා විවිධ ඖෂධ හා ප්‍රතිකාර සෙව්වා නේද නමුත් කිසිම සතුටුදායක ප්‍රතිඵලක් නැතිද.
ඉතින් ඔබ දැනගත යුතුම දෙයක් තමයි මේ රෝග තත්ත්වයේ දී ඖෂධවලින් පමණක් මෙය සුව කල නොහැකි බව. මෙය බොහෝ දෙනෙක් නොදන්නවා වියහැකියි.
කොච්චර බේත් කලත් වැඩක් නැහැ කියමින් බෙහෙතටයි, වෛද්යවරයටයි දොස් කිව්වට වැඩක් නැහැ.
අපි ඖෂධ ප්‍රතිකාර කරන ගමන්ම අපේ සමහර වැරදි පුරුදුත් අනිවාර්යෙන්ම අත්හැරිය යුතුමයි.
ඔබෙත් කෙස් සුදු වෙලානම් ඔබ කුමක් කල යුතුද යන්න දැන් බලමු.
මේ කෙස් සුදුවීමට හේතු කාරණා කිහිපයක් බලපානවා.
ඒ අතරින් පීනස තත්ත්වය ගැන නම් බොහෝ දෙනෙක් දන්නනවා. නමුත් අපේ හිස කෙස් වලට ලැබෙන පෝෂණය අඩු වෙනවා අපේ රක්ත ධාතුව දූෂණය වූ විට මෙවිට එම පෝෂණ ඌණතාවය නිසා කෙස් සුදු වීමද සිදුවෙනවා.
මේ සඳහා අපි නිසි වෛද්‍ය ප්‍රතිකාර සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් ලබාගත යුතුයි. ඒ සඳහා ඔබට රජයේ ආයුර්වේද රෝහලක් වෙත යොමුවිය හැකියි.
මෙහිදී අපි කරන වැරදි පුරුදු කිහිපයක් වලකවා ගැනීම නම් කල යුතුමයි.
ඒ රාත්‍රියට ස්නානය අනිවාර්යෙන්ම සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුයි.
දහවල් හා උදය කාලයේ හැකි තරම් ස්නානය කිරීමට වගබලා ගතයුතුමයි.
සමහර කෘතීම ෂැම්පු සහ සබන් වර්ගත් මේ සදහා බලපාන බව අත්දැකීම් සහිත වෛද්‍යවරු පවසනවා.
මන්ද මේ තත්ත්වය සමග ඔබට හිස්හොරි තත්ත්වය ද ඇතිවීම සාමාන්‍යය නිසා.
එමනිසා සබන් ,ෂැම්පු හිසගැල්වීමෙන් වැලකීමත් අවශ්‍ය නම් බේබි සබන් වැනි සැර අඩු සබන් වර්ගයක් භාවිතයත් යහපත්.
ඒ වගේම තමයි අමු අඹ,අන්නාසි ,තක්කාලි ,අච්චාරු ,බල මාලු, ඉස්සො,දැල්ලො, කෙලවල්ලා ආදි උෂ්ණාධික ආහාර ගැනිමෙන් වැලකීමත්
කෙසෙල්,ගස්ලබු,අලිගැටපේර වැනි ඇඹුල් බහුල නොවූ පලතුරක් ආහාරයට එක්කර ගැනීමත් ඉතාම හොදයි.
එසේම වෙනිවැල්ගැට -කොත්තමල්ලි තැම්බූ වතුර පානයත් ඉතාම ගුණවත් .
එසේම ඖෂධීය තෛලයක් හිසට දැමීමත් මේ සඳහා කලයුතුම ප්‍රතිකාරයක්. එසේම ඖෂධ පානයත් කලයුතුමයි. ඒ සදහා ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබාගන්න.
ඔබට අනිවාර්යෙන්ම මෙම රෝගී තත්වයෙන් ඉක්මනින්ම සුවපත් වීමට නිසි ඖෂධ හා ඔබේ වැරදි පුරුදු වලින් අත්මිදීමත් අවශ්‍යයි.
No comments:
Post a Comment