කලින් ලිපියෙන් අපි කේෂ කල්‍යාණය ගැන කතාකලා. අද අපි කතාකරන්න යන්නෙ අපේ දත් ගැන. දත් කියන්නෙ අපිට ඉතාම වටිනා දෙයක්. මුඛ සෞඛ්‍ය ගැන වර්තමානයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවෙලා තිබෙන බව අපි කවුරුත් දන්නවා .
දත් මුල් දියවීම,දත් දිරායාම,දත් ඇන්දේ නොයෙක් විකෘති එනම් ඉදිරියට නෙරා ඒම, නල දත් ආදිය නොමැති අලංකාර දත් දෙපලක් තිබීම දන්ත කල්‍යාණය කියලා කියනවා.
මේ දත් දෙපල හොදන් පවත්ව ගන්න අපිට කරන්න පුළුවන් මූලිකම දේවල් තමයි,
දත් මදින බුරුසුව පිරිසිදුව තබාගැනීම.
උදේට හා රාත්‍රියට දත් මැදීම.
කැල්සියම් සහිත ආහාර වර්ග භාවිතය.
අධික උෂ්ණ සහ අධික ශීත ආහාර නොගැනීම යනාදිය.
ඒ වගේම තමයි තද රස්නයෙන් තේ,කිරි ආදීය පානයද ,තද ඇඹුල් සහිත ආහාර,පැණි රස ආහාර අධික ලෙස ආහාරයට ගැනීමත් නොකල යුතුයි.
අපි එවැනි ඇඹුල් හෝ පැණිරස ආහාරයක් ගත් විගස කට සෝදා දැමිම කල යුතුයි. එවිට දත් අතර රැදෙන අනවශ්‍ය ආහාර කොටස් ඉවත්වන බැවන් බැක්ටීරියා වර්ධනය අවම කරනවා.
මේ අයුරින් කටයුතු කලොත් නම් අපිට ලස්සන දන්ත කල්‍යාණයක් පවත්වා ගන්න පුළුවන්.
No comments:
Post a Comment