අපි අද කතාකරන්න හිතුවෙ බොහෝ දෙනෙකුට ඉතාම වැදගත් මාතෘකාවක් ගැන. පිරිමි පාර්ශවය කෙසේ වෙතත් කාන්තා පාර්ශවය නම් මේ ගැන ලොකු අවධානයක් යොමු කරනවා.ඒ තමයි පංච කල්‍යාණය. මේ පිලිබදව ලිපි කිහිපයකින් අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.
මෙම ලිපි මාලාවේදි මුලින්ම අපි කේෂ කල්‍යාණය ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.
තරුණ යුවතියකට නම් තමන්ගෙ කෙස් කළඹ කියන්නෙ ඉතාම වැදගත් ආභරණයක් වගේ වටිනා දෙයක්. මෙම කේෂ කල්‍යාණය නිරෝගීව අලංකාරව පවත්වා ගැනීම කියනනෙ ලේසි පහසු දෙයක් නෙවෙයි.
ඉස් හොරි, පොතු කබර(සොරයිසිස්), අකලට කෙස් යාම, අකලට කෙස් සුදුවීම, උඳුගොව්වන් කෑම, ආදියෙන් තොර නිරෝගී කෙස් කළඹක් පවත්වා ගන්න ඕන.
මේ උපද්‍රව වලින් තොරව කෙස් කළඹ පවත්වා ගැනීමට එදිනෙදා ජීවිතයේදි පිළිපැදිය යුතු කරුණු කිහිපක් පහතින් දක්වන්ම්.
එයට කොන්ඩය පීරන පනාව, පිස දමන තුවාය, ආදිය ඉතා පිරිසිදුව පවත්වා ගන්නා අතර හොද පෝෂණීය ආහාර ලබා ගැනීමත් කල යුතුයි.මේ සඳහා තල, නෙළුම් අල, අළු කෙසෙල් *, රට ඉඳි , පලා වර්ග, ආදිය ආහාර ගැනීමත් කළ යුතුයි.
*මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි අළු කෙසෙල් ගැන අපේ නූතන පරම්පරාව තුල පවතින දුර්මතය. ඒ පරගැති බව හා නොදන්නා කමනිසා වෙන්න පුළුවන්. ගොඩක් තරුණියන් අළු කෙසෙල් ආහාරයට ගන්නෙ නැහැ වඳ භාවය ඇති වෙනව කියලා ඒ උනාට ක්ෂණික කෘතිම ආහාර, අධික වීෂ සහිත පැණි බීම වර්ග ආහාරයට එකතු කරගන්නේ එවගෙන් කිසිම ලෙඩක් ඇතිවෙන්නෙ නැහැ වගේ.
අළු කෙසෙල් කියන්නෙ ඉතාම ඉහල පෝෂණ ගුණක් සහිත ආහාරයක් අපේ මුතුන් මිත්තො මේ ආහාර නිසා තමයි මහා දාගැබ්, වැව් අමුණු බැන්දේ. නැතුව සුද්දන්ගෙ කෑම කලා නෙවෙයි. අළු කෙසෙල් කන්න එපා කියන්නෙ සුද්දො උන්ට ඕන උනා අපේ ශරීර ශක්ති හීන කරන්න අපි තාමත් කන්නෙ උන්ගෙ ලණු. අළු කෙසෙල් කෑවට එහෙම වඳභාවයක් ඇතිවෙන්න විධියක් නැහැ. මේ ගැන වෙනම ලිපියකින් ඔබව දැනුවත් කරන්නම් .
ඒ වගේම තමයි හිසේ ඖෂධීය තෙල් වර්ග ගැල්වීම කරන්නත් ඕන. නිතරම හිස සෝදා පිරිසිදුව තබා ගැනීම නම් ඉතාම වැදගත් මොකද එහෙම නැතිනම් කෙස් හා හිසේ සම අතර තෙල් හා ස්නේහ ස්‍රාවී ග්‍රන්ති වලින් පිටවන ස්‍රාවයන් එක්ක බාහිර පරිසරයෙන් එකතුවෙන කුණු, දූවිලි ආදිය නිසා එතැන අපිරිසිදු වී බැක්ටීරියා, දිලීර, වෛරස් ආදියට වර්ධනය වී එතැන ආසාදනයට ලක් වෙලා ඉස්හොරි ආදී රෝග ඇති වෙන්නත් පුළුවන්.
මෙහිදී අපි නොදන්නා දෙයක් තමයි ඉස්හොරි ඇතිවෙන්න අපේ ඇගේ රුධිරය දූෂණය වීමද සෘජුවම බලපාන බව. මේ සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඉතා සාර්ථක ප්‍රතිකාර තියනවා.
මේ දේවල් ගැහැණු පිරිමි දෙපාර්ශවයටම පොදු බවත් කියන්න කැමතියි.
විශේෂයෙන්ම හිසේ තෙල් ගැල්වීමේදි හිසකෙස් හොදින් වියළි තත්වයේ පැවතිය යුතුයි.දිය නෑමෙන් පැයකට පමණ පසු හිසේ තෙල් ගැල්වීම තමා හොදම. නාන්න කලින් තෙල් ගානවා නම් අඩුම තරමින් නෑමට පැයකටවත් කලින් තෙල් ගැල්වීම කලයුතුයි.
මේ පිළිබදබ බොහෝ දේ කථාකරන්න තිබුනත් ලිපිය දිග වැඩිවෙන නිසා දැන් නවතින්නම්. අළු කෙසෙල් ගැන සඳහනේදී කාගේ හරි හිත රිදුනනම් සමාවෙන්න ඕන. ඒත් ඒ ගැන දෙපාරක් හිතනන කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා .මීලඟ ලිපියෙන් අපි දන්ත කල්‍යාණය ගැන කතාකරමු.
ස්තුතියි
#SDP#