නිවසේදී නිතරම අත්‍යවශ්‍ය වන අත් බෙහෙත් ලිපි පෙළෙහි පලමු ලිපියෙන් අපි කතා කලේ සෙම්ප්‍රතිශ්‍යාව ගැනයි. ඉතින් මම අද හිතුවා අපිට නිතරම වැලදෙන රෝග තත්වයක් වන අජීර්ණය ගැන කතා කරන්න.
මුලින්ම අපි බලමු අජීර්ණය කියන්නෙ මොකද්ද කියලා. අජීර්ණය කියලා කියන්නෙ අප ගන්නා ආහාර නොදිරවීමයි. ආයුර්වේදයට අනුව බොහෝ රෝග වලට හේතුවක් ලෙස අජීර්ණය හදුන්වන්න පුළුවන්. ආයුර්වේදයට අනුව ආහාර දිරවීමට හේතු වන්නේ පාචක පිතයි. මෙම පාචක පිත අඩු වීම නිසා අජීර්ණ ඇතිවේ.
වැඩි වශයෙන් අජීර්ණ වලට හේතු වන්නේ බඩගිනි නැති විට අධික වශයෙන් ආහාර ගැනීම, භය, ශෝක, උද්වේගකර මානසික අවස්ථා වලදී ආහාර ගැනීමත්, නිතර නිතර ආහාර ගැනීමත්ය.
අජීර්ණය වලකවා ගැනීමට අපිට කරන්න පුළුවන් පහසුම දේ තමයි ආහාර ගැනීමට පෙර ඉගුරු කැබැල්ලක් සහිද ලුණු සමග කෑම.
එසේම අජීර්ණයක් පවතින විට ආහාර වේලක් දෙකක් මග ඇරීම හොදම වෙදකම කියලත් කියන්න පුලුවන්. උතුරුවා නිවාගත් ජලය නිතර පානයත්, තැම්බුම් හොද්දක් බීමත් පහසුවෙන් අපිට කරන්න පුලුවන්.
දැන් අපි බලමු මීට අමතරව අපිට අජීර්ණයකදී කරන්න පුලුවන් මොනවද කියලා,
1.උණුවතුර පානය.
2. ආසන්න ආහාර වේල නොගැනීම.
3.සතකුප්ප හෝ අසමෝදගම් තම්බා බීම.
4.අසමෝදගම් කුඩුකර (මද) උණු වතුරට දමා බීම.
5.සූදුරු කබලේ බැද තමිබා බීම, හෝ බැද කුඩුකර වරකට තේ හැදි 1 ක් උණු වතුරට දමා බීම.
6. නිතර අජීර්ණය හැදෙනවා නම්,
මින්චි, රට ඉදි, ගම්මිරිස්, සුදුළුෑණු, පෙරුංකායන්(රත්කර ගත යුතුයි) වියලි මුද්දප්පලන්, සූදුරු සියල්ල දෙහි ඇඹුලෙන්
අඹරා ගෙන චට්නියක් ලෙස සකස් කර පාවිච්චියට ගත හැකිය. බත් සමග වුවද කෑමට ගත හැකිය.
මෙය මුඛයේ අමිරස නැතිකර රුචිය ඇති කරයි.
7.තිප්පිලි, තිප්පිලි මුල්, සිවිය මුල්, රත්නිටුල්, වියලි ඉගුරු සමග ගෙන වියලා හොදින් කුඩු කර(චූර්ණ කර) මදටිය 6-8 දක්වා උණු වතුරෙන් ගැනීම.
8.භාෂ්කර ලවණ උණු දියෙන් ගැනීම, මදට 5-10 දක්වා හෝ බත් සමග කෑම.
මෙම ලිපියෙන් මම අදහස් කලේ අපිට නිතරම වැලදෙන අජීර්ණය ගැන ඔබට යම් දැනුමක් ලබාදී ඉන් වැලකි සුවබර දිවියක් ගතකිරීමේ අවස්ථාව සලසා දීමයි. මොකද මෙය අපිට නිතර වැලදුනත් නිසි ආකාරයේ බේත් හේත් නොමැති කමින් බොහෝ අය පිඩා විදින අයුරු දැකලා තියන නිසාවෙන්, ඉතින් ඔබත් පහසුවෙන් සකසා ගතහැකි මේ අත් බෙහෙත් භාවිතා කර ඔබේ කාලයත්, මුදලුත්, නිරෝගිකමත් රැක ගන්න. මිලග ලිපියෙන් අපි ආහාර අරුචිය හා මේ ආශ්‍රිත විහරණ විධි ගැන සාකච්ඡා කරමු.
තෙරුවන් සරණයි..!
No comments:
Post a Comment