Pages

Sunday, February 9, 2020

රස ගුණ පිරි එළකිරි

අද අපි කතා කරන්න යන්නේ අපි හැමෝම දන්න එළකිරි ගැන බොහෝ දෙනෙක් නොදන්නා දේවල් ටිකක්.

එළකිරි සොයාගැනීමට තිබෙන පහසුව නිසාම ජනයා අතර එළකිරි විතය සුලබව දක්නට පුළුවන්.

උපතේ සිට මියෙන මොහොත දක්වාම භාවිකයට ගතහැකි එළකිරි මෘදු ගුණයෙන් යුකත අතර තවත් බොහෝ ගුණ වලින් යුක්තයි.

ගුරු ගුණයෙන් යුතු එළකිරි මිහිරි රසයෙනුත් වැගිරෙන ස්වභාවයෙනුත් සීත ගුණයත් ඇති නිසා සියලු ප්‍රාණීන්ට ගුණදායකයි. ඒවගේම යොවුන් බව ආරක්ෂාවීමටත්, ආයුෂ වැඩීමටත් උපකාරී වෙනවා.  

අස්ථි ශක්තිමත් කිරීමට, ශරීර ශක්තිය, තේජස වර්ධනය කිරීමට,  මව් කිරි හා ශුක්‍ර ධාතු වර්ධනයට , ශරීරයේ වෙහෙස නිවීමටද මේ එළකිරි බොහෝ උපකාරී වෙනවා.

මානසික රෝග වලින් පෙලෙන අයට, අර්ශස් රෝ්ගීන්ටත් හිතකරයි. ඒ වගේම දෙනෙතටත් හිතකර එළකිරි ආයුර්වේද පංචකර්ම චිකිත්සාවේදීද බහුලව යොදාගන්නා ඖෂධයක්.

එළකිරි රත් නොකර පානයෙන් සෙම් ගතියක් ඇතිවන්නේ එහි ගුරු ගුණය ඇති බැවිනි. එළකිරි රත්කර ගැනිමේදි එකවර අධික උෂ්ණත්වයක් යටතේ රත්කර ගතයුතු අතර, එයට එනසාල්, අමු ඉගුරු, වියළි ඉගුරු, කලාඳුරු අල ආදිය එක් කිරීමෙන් සෙම් තත්වය පාලනය කරගන්න පුළුවන්.

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේදි ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙසද එළකිරි භාවිතයට ගන්නවා.

ඉතින්  ඔබත් එළකිරි පානයකර ඔබේ නිරෝගීකම පවත්වා ගන්න.එබ ඔබේ ගතටත් පසුම්බියටත් බොහෝ හිතකර වනු ඇතැයි මා විශ්වාස කරනවා. 

ඔබේ අදහස් යෝජනා comment  කරන්න.